වැලිමඩ සිල්මියාපුර හුණුගල්දොව පාර ප්‍රතිසංස්කරණය
වැලිමඩ සිල්මියාපුර හුණුගල්දොව පාර ප්‍රතිසංස්කරණය
විශිෂ්ට සේවාවක් තුළින් ජනතාව සවිබල ගැන්වීම
June 25, 2026
සක්‍රිය ටෙන්ඩර් නොමැත
සක්‍රිය ටෙන්ඩර් නොමැත
"යහපත් සේවය තුළින් සමෘද්ධිමත් ප්‍රජාවක්."
වැලිමඩ ප්‍රාදේශීය සභා පරිපාලන සීමාව තුළ ජනතාවගේ තිරසාර සමාජ, ආර්ථික හා සංස්කෘතික සංවර්ධනය සහතික කිරීම සඳහා පරිසර සංවේදීභාවයෙන් සහ සහභාගිත්ව ප්රවේශයකින් සම්පත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස භාවිත කරමින් සෞඛ්‍ය, මාර්ග, සුබසාධන සහ මහජන උපයෝගිතා සේවා ප්රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම සඳහා විශ්වාසයෙන් යුතුව සේවා සැපයීමට දායක වීම.
Prioritizing accessibility, efficiency, and absolute operational transparency.
Welcome to our Department
සභාපති
"‘’ පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් “ පොහොසත් රටක් -ලස්සන ජීවිතයක් යන වර්තමාන රජයේ ප්‍රතිපත්තිමය සාරය අනුව යමින් සුන්දර වැලිමඩ පුරවරයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වීම මා ඇතුළු මාගේ සභික මඩුල්ලේ ඒකායන අරමුණයි. වැලිමඩ සානුවේ ජනතාවගේ එනම් අප බල ප්‍රදේශයේ ජනතාවගේ දිවිය එතරම්ම සුන්දර නොවන බව අප සැවොම දන්නා කරුණකි. සොබාදහම තිළිණ කළ ඒ සුන්දරත්වය අප බල ප්‍රදේශයේ ප්‍රජාවගේ ජීවිතයෙනුත් පිළිබිඹු වන්නේ නම් කොතරම් අගනේද?. එවැනි ජීවිතයක් සාක්ෂාත් කොට සියළු ක්ෂේත්රයන්ගෙන් පොහොසත් ලස්සන ජීවිතයක් උදාකර දීමේ වගකීම අද දවසේ මට සහ මාගේ සභික මඩුල්ලට පැවරී ඇත. අදුරදර්ශී මෙන්ම දිගුකාලීන ඉලක්ක හා සැලසුම් රහිතව මැදිහත් වීමේ ප්‍රතිඵල ඔබ අප පසුගිය අවුරුදු කිහිපය තුල සජීවි ලෙස අත්වින්නෙමු. එවන් ඉරණමක් අත් වූ අප රට, දැන් දැන් නැවතත් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින්, නව දේශපාලන සංස්කෘතියක් තුල ඉදිරියට යමින් තිබේ. එය මෙතෙක් පැවති දේශපාලන සංස්කෘතිය අදියර ගණනාවකින් වෙනස් කොට තිබේ. රටක හැරවුමකට ආර්ථික පරිවර්තනයන් ප්රමුඛ වන්නා සේම අදූෂිත ස්වාර්ථය පරාජය කර පරාර්ථය පුමුඛ කරගත් දේශපාලන සංසකෘතියක්ද වුවමනා වන්නේමය. එය මේ වන විට ආරම්භ වී ඇති අතර එය ශක්තිමක් කිරීම වෙනුවෙන් මමත් ඔබත් අදත් හෙටත් පොර බැදිය යුතුව තිබේ. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සීමා මායිම් තුල හිදිමින් කරනු ලබන විශිෂ්ට ආර්ථික කළමනා කරණයේත්, නොබැඳි රාජ්‍ය ප්‍රතිපත්තිය මත පිහිටා කරනු ලබන ජාත්‍යන්තර ගණුදෙනුව තුලින් ගොඩ නැගෙන විදෙස් සබඳතා මඟින් ඇතිවන ආර්ථික ප්රසාරණයෙනුත්, සංචාරක කර්මාන්තයේ වර්ධනය, විදෙස් ප්‍රේෂණ ඉහල යාම, අපනයන ආදායම වැඩිවීම, දේශීය ආදායම් ප්‍රභවයන් ශක්තිමත් වීම හා විධිමත් වීම වැනි සාධක මත රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයන්ගේ සහ ජාත්‍යන්තර ආයතන වල පවා ඇගයීමට ලක්වී තිබේ. එය රටේ ආර්ථික ස්ථායීභාවය පිළිබඳව වඩා යහපත් චිත්රයකි. මේ හා සමගාමීව නීතියේ ආධිපත්‍ය නිසි ලෙස තහවුරුවීම, විෂම ද්‍රව්‍ය හා පාතාලයට එරෙහිව වන අනවර්ථ අරගලය විසින් ද රටේ ප්‍රමිතිය පිළිබඳ ලෝකයේ විශ්වාසය තව තවත් තහවුරු වෙමින් තිබේ. එමෙන්ම "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ඇති කිරීමේ රාජ්‍ය දැක්ම සාක්ෂාත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන Clean Sri lanka වැඩ සටහන, ඩිජිටල්කරණ වැඩ සටහන, ග්‍රාමීය දිළිදුකම පිටු දැකීම පිළිබඳ ජාතික වැඩසටහන් වල යම් සැලකිය යුතු පංගුවක් පළාත් පාලන ආයතනයන් වෙත පැවරී තිබේ. එම වගකීම පෙරදැරි කරගෙන වැලිමඩ ප්‍රාදේශීය සභාව ලෙස අප බල ප්‍රදේශයේ පොදු ජනයාගේ ජීවිත පොහොසත් කරන ලස්සන කරන අරමුණක් කරා ළගා වෙමින් සිටින්නෙමු.එම අරමුණු ලගාකර ගැනිම සදහා සැලසුම්ගත ව්‍යාපෘති කඩිනමින් ඉටු කර ගැනීම මාගේ ඒකායන අරමුණයි වර්ග කිලෝමිටර් 187 කින් හා ග්‍රාම නිළධාරි වසම් 64 කින් සමන්විත වන ප්‍රධාන කාර්යාලය ඇතුලුව කැප්පෙටිපොල,දඹවින්න,තැන්නෙකුඹුර,බොරලන්ද යන උප කාර්යාල 4 කින් සමන්විත වන වැලිමඩ ප්‍රාදේශිය සභාව ඌව පළාතේ අනෙකුත් ප්‍රාදේශිය සභා අතරින් ඉතා ඉහල මට්ටමක සිටින අතර අනෙකුත් ප්‍රාදේශිය සභා සදහා ආදර්ශවත් සභාවක් විම මා ලද විශාල ජයග්‍රහණයකි. 2025 වර්ෂයේ වක්කඩහින්න හා මැටිහක්ක ජල ව්‍යාපෘති වල වැඩ නිමා කරමින් ජනතා අයිතියට පත්කිරිමට හැකිවිම මඟින් ප්‍රදේශයේ ජනතාවගේ පානිය ජල ගැටළු විසදා දිමට හැකියාව ලැබුණී. ප්‍රාදේශිය සංවර්ධන සහයක ව්‍යාපෘතිය යටතේ ලැබුණු ආධාර මඟින් ඉදිකරන ලද බොරලන්ද හෙලබොජුන් හල ජනතා අයිතියට පත්කිරීම මඟින් ප්‍රදේශයේ ජනතාවට සංචාරකයින්ට වසවිසෙන් තොර දේශිය ආහාර පරිබෝජනයට අවස්ථාව ලබාදිමට අවස්ථාව හිමිවිය. තවද ප්‍රාදේශිය සංවර්ධන සහයක ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද කැප්පෙටිපොල වෙලද සංකිර්ණයේ උඩු මහලේ කඩ කාමර ජනතා අයිතියට පත්කර බල ප්‍රදේශයේ ජනතාවගේ සුඛ විහරණය මෙන්ම 2025 වර්ෂයේ ආදායම වැඩිකර ගැනීමට මා හට හැකි විය. 2025 වර්ෂයේ සභා අරමුදලින් සහ වෙනත් ආධාර යටතේ විශාල සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් සිදුකිරීම මඟින් බල ප්‍රදේශයේ ජනතාවගේ යටතල පහසුකම් වර්ධනය කිරීමට හැකියාව ලැබිණි. 2025 වර්ෂයේ නොවැම්බර් මාසයේ පැවති දිට්වා සුලි කුණාටුව හේතුවෙන් අපගේ ප්‍රධාන කාර්යාලයට හා මලාපවාහන පද්ධතියට විශාල වශයෙන් හානි සිදු වු අතර කාර්යාලය නොකඩවා පවත්වාගෙන යාමට එය විශාල අභියෝගයක් වු අතර ප්‍රදේශයේ නාය යාම් හේතුවෙන් ජීවිත හානි මෙන්ම නිවාස විශාල ප්‍රමාණයක් හානි වු අතර නාය යාම් අනතුරු දැන්විම් හේතුවෙන් අවතැන් වූ ජනතාව විශාල ප්‍රමාණයක් කදවුරු වලට යොමු කර තිබූ බැවින් එම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකිරිම අප සභාවට ප්‍රධාන අභියොගයක් විය.එමෙන්ම විශාල පාරවල් ප්‍රමාණායක් හා නිවෙස් වලට පස් කදු කඩා වැටීමෙන් අලාභානි සිදුවී තිබූ හෙයින් එම පාරවල් හා නිවෙස් වලින් පස් ඉවත් කිරීම සදහා සහ අවතැන් වූ ජනතාවටගේ අවශ්‍යතා හා උවමනා සපුරා ලිම සදහා අපගේ කාර්යමණ්ඩලයලය හා සුලු සේවකයින් බොහෝ වෙහෙසක් දරණු ලැබු අතර එම අභියෝගයට සාර්ථකව මුහුණ දිමට හැකියාව ලැබිම අප ලද විශාල ජයග්‍රහණයකි."
සභා ලේකම්
"අපගේ වැලිමඩ ප්‍රධාන කාර්යාලය හා දඹවින්න ,කැප්පෙටිපොල,තැන්නෙකුඹුර,බොරලන්ද යන උප කාර්යාල හතරකින් සමන්විත වන අපගේ බල ප්‍රදේශයේ වපසරිය විශාල වන අතර සුවහසක් ජනතාවගේ ප්‍රශ්න ගැටළු, අවශ්‍යතායන් සලකා බලා ,ඔවුන්ගේ ගැටළු ප්‍රශ්න විසදිම සදහා ප්‍රමුඛස්ථානය ලබා දෙමින් ප්‍රධාන කාර්යාලය ඇතුළු උප කාර්යාල 04 මනාව පරිපාලනය කරමින් අපගේ ප්‍රාදේශිය සභාව පලාත්පාලන ආයතනයක බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පලාතේ මෙන්ම මුලු දිවයිනෙන්ම ප්‍රසස්ථ මට්ටමකට ගැනිම මාගේ එකම අභිලාෂය වේ.."
ප්‍රාදේශීය මහජන පුස්තකාලයේ වරප්‍රසාද ණයට ගැනීම සඳහා ඉල්ලුම් කිරීම සහ සාමාජිකත්වය අලුත් කිරීම.
සභාව සතු ප්‍රජා ශාලා, සම්මන්ත්රණ ශාලා සහ ක්‍රීඩා පිටි බදු දීම සඳහා වෙන්කරවා ගැනීමේ පද්ධතිය.
පොදු ආදාහනාගාර සහ සුසාන භූමි සඳහා වෙන්කිරීම් උපලේඛනගත කිරීම සහ ගාස්තු සැකසීම.
පයිප්ප හෝ විදුලි සංදේශ මාර්ග තැබීම සඳහා පොදු මාර්ග හෑරීමට උපයෝගිතා මණ්ඩල හෝ පුද්ගලයන්ට ලබා දී ඇති අනුමැතිය.
0
ව්‍යාපෘති
0
සම්පූර්ණ කරන ලද ව්‍යාපෘති
0
ක්‍රියාත්මක ව්‍යාපෘති
0
භෞතික ප්‍රගතිය ශුන්‍ය ව්‍යාපෘති
වැලිමඩ සිල්මියාපුර හුණුගල්දොව පාර ප්‍රතිසංස්කරණය
Development of the Magastenna Water Scheme
දික්කාපිටිය ජල යෝජනා ක්‍රමය සඳහා ජල නල ලබාගැනීම
සම්බන්ධ වී සිටින්න
අපගේ පුරවැසි සහාය කවුළුව වෙත පිවිසෙන්න හෝ මාර්ගගතව සේවා ඉල්ලීම් ඉදිරිපත් කරන්න.
ඔබගේ පැමිණිල්ල අපගේ පරිපාලන පද්ධතියේ සටහන් කර වහාම අපගේ නිලධාරීන් වෙත යොමු කරනු ඇත.
සිවිල් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න