Contrast:
Font Size:
Voice Assist:
EN SI TA
කතරගම ප්‍රාදේශීය සභාව
கதிர்காமம் பிரதேச சபை
Katharagama Pradeshiya Sabha
Official Government Portal

Katharagama Pradeshiya Sabha

කතරගම ප්‍රාදේශීය සභා නිල වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු.

News featured image
News

June 25, 2026

Annual General Assembly and Budget Planning

Read More

Procurement & Tenders

See All
Ref: UVA/KATHARAGAMAPS/2026/SOLAR-04 Closed

Procurement of Solar Power Systems for Government Offices

Read More

No active tender

No active tender

Special Notices

See All
Notices featured image
Notices

April 14, 2026

කතරගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති තුමාගේ 026 අවුරුදු පණිවිඩය

Read More
Sub notice image

Apr 08

📜ගම්මැද්දේ කලාළය📜 📝තෙවන දිගහැරුම

About image
Vision & Mission

Our Core Directives

Our Vision

“The Worshipful City of Harmony”

Our Mission

“Our aim is to serve for public welfare and common development.”

Citizen First

Prioritizing accessibility, efficiency, and absolute operational transparency.

Overview

About Our Institute

Welcome to our Department

Leadership

Welcome Messages

ගරු සභාපති

H.M.D.හේරත් මැතිතුමා

"ගරු සභාපතිතුමාගේ පණිවිඩය උදාවන 2026 නව වසර කතරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මෙන්ම ශ්‍රී ලංකාවාසී ලෝකවාසී මුලු මහත් ජනතාවගේ සියලු බලාපොරොත්තු ඉටුවන සුභ නව වසරක් වේවායි ! මුලින්ම ප්‍රාර්ථනා කරන්නෙමි. 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 168 වගන්තිය අනුව මා වෙත පැවරී ඇති බලතල අනුව ඌව පළාතේ ගරු ආණ්ඩුකාරතුමා විසින් ප්‍රකාශයට පත්කරන ලද අංක 2199/25 දරණ හා 2020.10.19 දිනැති රීති සංග්‍රහය ප්‍රකාරව කතරගම ප්‍රාදේශීය සභාවේ ඉදිරි ක්‍රියාකාරකම්, සැලසුම් සහගතව හා එලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මාගේ අරමුණයි.ප්‍රාදේශීය සභා පනතේ ව්‍යවස්ථාපිතව පැවරී ඇති මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා, පොදු මං මාවත් හා සුභසාධන යන විෂයන් කෙරෙහි මාගේ අවධානය යොමු කොට ඇති අතර, රටේ පවත්නා ආර්ථික තත්වය සලකා බලා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය බලධාරියා ලෙස සභාව වෙත පැවරී ඇති වගකීම් ඉටුකරීම ඉටු කිරීමට වග බලා ගනිමි. මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රතිපාදන හා පළාත් සභා අරමුදල් සීමිතව ලැබුණු වකවානුවක් වුවත් ප්‍රාදේශීය සභාවේ ස්වයං උත්පාදන අරමුදල් හා නව ආදායම් උත්පාදන ක්‍රියාදාමයන් තුළින් සභා අරමුදල ශක්තිමත් කිරීම මත ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍යයෙන්ම ඉටුකරලිය යුතු සංවර්ධන කටයුතු සඳහා 2025 වර්ෂයේදි පහත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කල බව සතුටින් දන්වමි.  වැඩසිටිකන්ද දෙවැනි පෙළ පි.සරත් මහතාගේ නිවස අසළ මාර්ගය කොන්ක්‍රිට් කිරීම.  කන්දපාර සුනිල් මහතාගේ නිවස අසළ මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම.  ගම් උදාව ප්‍රධාන මාර්ගයේ සිට මුරුංගලන්ද මාර්ගය දක්වා කොන්ක්‍රීට් කිරීම.  වල්ලිමාතාගම අසපුව මාර්ගය කොන්ක්‍රීට් කිරිම.  සෙල්ලකතරගම කරවිලේ යායට යන මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම.  කතරගම සමෘද්ධි බැංකුව මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම.  සෙල්ලකතරගම පෙර පාසල් මාර්ගය කොන්ක්‍රීට් කිරීම.  අක්කර විස්ස අලි කඳවුර මාර්ගය ඉදි කිරීම.  බල ප්‍රදේශය තුල මාර්ග මෝටර් ග්‍රේඩර් කිරීම.  ගෙස්ටුපාන වැව, පස්කෙම පාර බෝක්කුව ඉදි කිරීම.  කතරගම මහජන පුස්තකාලය සඳහා අලුතින් පොත් මිළදී ගැනීම සහ නවීකරණය කිරිම තුළින් කියවීමට වඩාත් සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම.  බස් නැවතුම්පොළ පොදු වැසිකිළිය වැඩිදියුණු කිරීම.  අහිතකර වැසි තත්වය නිසා ඇති වී තිබෙන ගංවතුර තත්වය බලපාන ලද ස්ථානවල අලුතින් කානු කැපීම හා කානු පද්ධති පිරිසිදු කිරීම.  කතරගම ආයුර්වේද රෝහලේ සහ නිල නිවසේ අලුත්වැඩියාව සිදු කිරීම.  කතරගම සතිපොල වටා ආරක්ෂිත වැට හා ගේට්ටුව සකස් කිරිම.  බල ප්‍රදේශය තුල වීථි පහන් 320 ක් අළුත්වැඩියා කිරීම.  සෙල්ලකතරගම ට්‍රාන්ස් පෝමරය අසල කාණුව සකස් කිරිම.  වල්ලිමාතාගම පැතුම් පෙර පාසල අලුත්වැඩියා කිරිම.  වල්ලිමාතාගම ජල යෝජනා ක්‍රමය වැඩි දියුණු කිරීම.  ගලපිටගලයාය තම්මැන්නෑව ගම්මානය සඳහා ජලය ලබා දිම.  වල්ලිමාතාගම ජල යෝජනා ක්‍රමය වැඩි දියුණු කිරීම.  ගලපිටගලයාය අවසන් කසල බැහැර කිරීමේ ස්ථානයේ අලිවැට සකස් කිරීම.  ගලපිටගල යාය ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය ඉදිකිරීම.  කසළ කළමණාකරන මධ්‍යස්ථානයේ ගේට්ටුව හා මුර කුටිය ඉදි කිරීම.  කසළ කළමණාකරන මධ්‍යස්ථානයේ පාලම් තරාදිය අලුත්වැඩියා කිරීම.  ප්‍රාදේශීය සභා සම්මන්ත්‍රණ ශාලාවේ මුර කුටිය ඉදි කිරීම.  ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ මිදුල අලංකාරවත් ලෙස සංවර්ධනය කිරීම මීට අමතරව කතරගම නගරය තුල දෛනිකව විශාල වශයෙන් බැහැර කෙරෙන කැළි කසළ විධිමත් පරිදි බැහැර කිරීම හා කාණු පද්ධතීන් නිසි පරිදි නඩත්තු කිරීම, බල ප්‍රදේශය තුළ ඩෙංගු වැනි බෝනොවන රෝග මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, කතරගම නගරයට නන් දෙසින් පැමිණෙන ජනතාව වෙනුවෙන් පොදු වැසිකිළි සේවාව අඛන්ඩව පවත්වා ගෙන යෑම, සනීපාරක්ෂක ගලි සේවාව ක්‍රියාත්මක කිරීම, දේපලවලට හා පුද්ගලයින්ට අනතුරුදායක ලෙස පිහිටා ඇති ගස් හා අතු කපා ඉවත් කිරීම, හදිසි ආපදා තත්වයන්හිදි අවශ්‍ය කටයුතු සිදු කිරීම, ජංගම සේවා පැවැත්වීම, රුක්රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් බල ප්‍රදේශයේ ජනතාව වෙත සුවිශේෂි සේවාවක් 2025 වර්ෂයේදී සිදු කල බව සතුටින් දන්වා සිටිමි. 2026 වර්ෂයේදී නව ආදායම් උත්පාදන ව්‍යාපෘතීන් හඳුනාගැනීම මත ආදායම් උත්පාදනය හා සභාවේ ස්වයං උත්පාදන ආදායම විධිමත්ව අයකර ගැනීම මඟින් සභා අරමුදල ශක්තිමත් කර පහත සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම තුළින් බල ප්‍රදේශයේ ජනතාවගේ සේවා අවශ්‍යතාවයන් ඉටුකර දීමට කටයුතු කරන බවද සතුටින් දන්වමි.  බල ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ දැනුම වර්ධනය කිරීම අරමුණු කොට මහජන පුස්තකාලය සඳහා අලුතින් පොත් මිළදී ගැනීම, දරුවන් වෙනුවෙන් සාහිත්‍ය තරඟ හා උත්සව, කියවීම් කඳවුරු හා කතන්දර පැය ආදි වැඩසටහන් පැවැත්වීම.  බල ප්‍රදේශය තුළ මාර්ග පද්ධතිය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම.  රථගාල් නවීකරනය කිරීම හරහා විශේෂයෙන් ඇසළ උත්සව සමයේ රථ වාහන මනා ලෙස කළමනාකරණය කිරීම.  කතරගම සතිපොළ සංවර්ධනය හා වෙළඳසැල් නවීකරණය තුළින් වෙළඳාමට ඉඩකඩ ලබාදීම.  කතරගම ශෂීන්ද්‍ර රාජපක්ෂ ක්‍රිඩංගණය ඇතුළු බල ප්‍රදේශයේ අනෙකුත් ක්‍රිඩා පිටි නඩත්තු කිරීම තුළින් ක්‍රිඩාව වැඩිදියුණු කිරීමට කටයුතු කිරීම.  තරුණයින් සවිබල ගැන්වීම හා ළමා හිංසනය පිටු දැකීම සඳහා වැඩසටහන් පැවැත්වීම.  වෙළඳ ව්‍යසායකයින් සඳහා උපදේශන සේවා සැපයීම.  ළමා හා මාතෘ ආරක්ෂණ සේවා සැපයීම.  කුඩා දරුවන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් ප්‍රාදේශීය සභා ළමා උද්‍යානය නවීකරණය කිරීම.  ප්‍රාදේශීය සභා කාර්යාලයේ සූර්යබල විදුලි පද්ධතියක් ස්ථාපිත කිරීම තුළින් සභාවේ ආදායම වැඩිකර ගැනීමට කටයුතු කිරීම.  කොම්පෝස්ට් අංගනය වැඩිදියුණු කිරීම තුළින් නගරය තුල එකතුව කැළිකසළ මනා ලෙස කළමනාකරණය කිරීම හා සහනදායී මිලකට වඩාත් හොඳ තත්වයේ කොම්පෝස්ට් පොහොර ජනතාවට ලබාදීම හා වෙනත් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය තුළින් සභාවේ ආදායම ඉහළ නැංවීම.  බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 5 නියෝජනය වන පරිදි වීථී පහන් අලුත්වැඩියාව.  බල ප්‍රදේශයේ සුසාන භූමි සංවර්ධනය කිරීම.  ප්‍රාදේශීය සභා සම්මන්ත්‍රණ ශාලාව නවීකරණය තුළින් සුවපහසු සේවාවක් සැපයීම.  පෙර පාසල් පාලිකාවන් පුහුණු කිරීම හා දෙමාපියන් වෙනුවෙන් ආකල්ප සංවර්ධන වැඩසටහන් පැවැත්වීම.  ආගමික සංහිඳියාව සඳහා සහාය වීම.  විශේෂ අවශ්‍යතාවයන් සහිත පුද්ගලයන් හට උපකාර කිරීමේ වැඩසටහන් පැවැත්වීම.  අඩු ආදායම් ලභීන්ට නිවාස ආධාර ලබාදීම.  අසරණ අය වෙනුවෙන් වෛද්‍ය ආධාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.  හදිසි ආපදා කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.  දහම් පාසල් සඳහා ආධාර ලබාදීම.  දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා උපකාර කිරීම. එමෙන්ම 2025 වර්ෂයේ මෙන්ම 2026 වර්ෂයේදී ද බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් වැඩි කිරීම සඳහා  නගර පිරිසිදු කිරීමේ කටයුතු අඛන්ඩව සිදු කිරීම.  බල ප්‍රදේශය තුළ ඩෙංගු වැනි බෝවන රෝග මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.  නගරය තුළ කාණු පද්ධතීන් නිසි පරිදි නඩත්තු කිරීම.  ඝණ අපද්‍රව්‍ය කළමණාකරණය හා සනීපාරක්ෂාව පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.  කතරගම නගරයට නන් දෙසින් පැමිණෙන ජනතාව වෙනුවෙන් පොදු වැසිකිළි අඛන්ඩව නඩත්තු කිරීම හා අලුතින් වැසිකිළි ඉදිකිරීම.  වැසිකිළි ආධාර ලබාදීමේ ව්‍යාපෘතිය.  ළමා හා මාතෘ සේවා සැපයීම.  සනීපාරක්ෂක ගලි සේවාව ක්‍රියාත්මක කිරීම.  දේපලවලට හා පුද්ගලයින්ට අනතුරුදායක ලෙස පිහිටා ඇති ගස්, අතු කපා ඉවත් කිරීම.  ඝණ අපද්‍රව්‍ය කළමණාකරණය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.  ගෘහස්ථ කොම්පෝස්ට් සැකසීම සඳහා දායක වීම.  සනීපාරක්ෂාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම.  පාසල්වල ප්‍රතිචක්‍රිකරණ ඒකක ඇති කර දරුවන් කසළ කළමනාකරණය සඳහා දායක කර ගැනීම.  රුක්රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ආදිය ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බව සතුටින් දන්වමි. එසේම බල ප්‍රදේශයේ ජනතාවගේ සුඛවිහරණය සඳහා අදාළ සියළුම කාර්යයන් ඉටුකිරීම සඳහා වෙහෙස මහන්සි වී කැපවෙන හා සහයෝගය ලබා දෙන මාගේ කාර්යය මණ්ඩලයේ උන්නතිය සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, නිල ඇඳුම් දීමනා හා වෙනත් දිරිදීමනා ලබාදීම, පුද්ගල ආරක්ෂිත උපකරණ සැපයීම, ආපදා ණය ලබාදීම, නියමිත වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීම, සේවක ඇගයීම, රාජකාරි ඉටුකිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා වෙනත් පහසුකම් සැපයීම මෙන්ම හිතකර කාර්යාල පරිශ්‍රයක් ඇති කිරීම සඳහා 2026 වර්ෂයේ අයවැය ලේඛනය තුළින් ප්‍රතිපාදන වෙන්කර ඇති බව ද සතුටින් දන්වමි. අවසාන වශයෙන් මෙම අයවැය සකස් කර ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින් මා වෙත සහය ලබා දුන් බල ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලාට හා අනෙකුත් ආගමික නායකතුමන්ලාට මෙන්ම මහජනතාවට, ගරු උප සභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රී මණ්ඩලයට හා මෙම අයවැය සාර්ථකව සකස් කිරීමේ කාර්යයට සහය දැක්වු ප්‍රාදේශීය සභාවේ සභා ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට සහ අවස්ථානුකූලව මගපෙන්වීම් ලබාදුන් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මාගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි. 2025 වර්ෂයේදී මෙන්ම 2026 වර්ෂයේදී ද ඉටුකර ගැනීමට අපේක්ෂිත ඉලක්කයන් සාක්ෂාත් කර, මෙම අයවැය යථාර්තවාදී අයවැයක් බවට පත්කර ගැනීම සඳහා ප්‍රදේශවාසි ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව, ගරු උප සභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රී මණ්ඩලයේ සහ සභා ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ උපරිම සහයෝගය හා කැපවීම ලබා දෙනු ඇතැයි මා අපේක්ෂා කරමි. එච්.එම්.ඩී.හේරත්, සභාපති, ප්‍රාදේශීය සභාව, කතරගම."

සභා ලේකම්

T.W.A.A.කුමාරසිංහ මැතිතුමා

"සභා ලේකම්ගේ පණිවිඩය උදාවන 2026 නව වසර කතරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මෙන්ම ශ්‍රී ලංකාවාසී ලෝකවාසී මුලු මහත් ජනතාවගේ සියලු බලාපොරොත්තු ඉටුවන සුභ නව වසරක් වේවායි ! මුලින්ම ප්‍රාර්ථනා කරන්නෙමි. ගරු ජනාධිපතිතුමාගේ “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” උදාකර දීමේ ඒකායන පරමාර්ථය පෙරදැරි කරගෙන කතරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට ලස්සන ජීවිතයක් උදාකරදීමේ අරමුණින් ප්‍රාදේශීය සභා අරමුදල් හා අනෙකුත් අරමුදල් ඇතුළත්ව සකස් කරන ලද මෙම අයවැය ලේඛනය තුළින් 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ නියම කර ඇති පරිදි බල ප්‍රදේශයේ ජනතාවගේ මහජන සෞඛ්‍ය, පොදු මංමාවත් හා පොදු උපයෝගිතා සේවාවන්ට අදාළ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය සහ සියළු පහසුකම් ආරක්ෂා කිරීම සහ පරිපාලනය කිරීම යන කාර්යයන් ඉටුකිරීම මෙම අයවැය ලේඛනය තුළින් බලාපොරොත්තු වේ. අභිනව ගරු සභාපතිතුමා, උප සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයේ අදහස් හා යෝජනා පෙරදැරිව බල ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික නායකයින්ගේ හා විවිධ වෘත්තිකයින්, සිවිල් සංවිධාන, ප්‍රජා සංවිධාන ඇතුළු මහජනතාවගේ අදහස් හා යෝජනා විමසා ජනතාව වෙත සෘජුවම සභා අරමුදල් හා අනෙකුත් අරමුදල් ගලායන පරිදි ඔවුන්ගේ සේවාවන් වැඩිදියුණු කිරීමට මෙමඟින් බලාපොරොත්තු වෙමි. එමෙන්ම කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 5 ම නියෝජනය වන පරිදි සංවර්ධන කටයුතු ගලායමින්, කාර්යාල කටයුතු විධිමත් කරමින් ජනතාවට නීරෝගි සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් උරුමකරලීමේ බලාපොරොත්තුව පෙරදැරිව 2026 වසරේ කටයුතු සිදු කරමි. විවිධ බාධක හා අභියෝගයන්ට මුහුණ දෙමින් ගතකරන 2025 වර්ෂය ජනතාව වෙනුවෙන් සේවය කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදෙමින් කතරගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, උප සභාපතිතුමා, ගරු මන්ත්‍රී මණ්ඩලය හා ඌව පළාත් සභාවේ ගරු ආණ්ඩුකාරතුමා, අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු කාර්යය මණ්ඩලය, පළාත් පාලන කොමසාරිස්තුමා ඇතුළු කාර්යය මණ්ඩලය, සහකාර පළාත් පාලන කොමසාරිස්තුමා ඇතුළු කාර්යය මණ්ඩලය සහ මාගේ කාර්යය මණ්ඩලය වෙත මාගේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමි. එමෙන්ම කරගම ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු කතරගම සියළුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා කාර්යය මණ්ඩල වෙතද විශේෂ ස්තූතිය පුදකර සිටිමි. සියළුම දෙනා එක මිටක එකාවන්ව බල ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතය සුඛිත මුදිත කිරීමට දරන්නා වූ වෑයම සාර්ථක වී ප්‍රාදේශීය සභාවක් ලෙස 2026 වර්ෂයට අදාළව සිදුකිරීමට බලාපොරොත්තු වන සේවාව නිසියාකාරව සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. එසේම කතරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට පොහොසත් කතරගමක් හා ලස්සන ජීවිතයක් උදා වේවායි! ප්‍රාර්ථනා කරමි. ටී.ඩබ්.ඒ.ඒ.කුමාරසිංහ, සභා ලේකම්, ප්‍රාදේශීය සභාව, කතරගම."

0

Citizens Served

0

Development Projects

0

Online Services

0

GN Divisions

Development Projects

Latest Projects

View All Projects
ongoing

Rural Road Concreting and Reconstruction Program

Upgrading and concreting of major connector roads to improve connectivity and facilitate economic growth in rural sectors.

estimated_cost LKR 15,000,000
progress 65%

Stay Connected

Need help or want to report a civic issue?

Reach our citizen support desk or submit service requests online.

Submit a Civic Complaint

Your complaint will be recorded in our administration system and instantly routed to our officers.

Submit a Civic Complaint