විධායක පණිවිඩය
Statements
පරිපාලන නායකත්වයෙන් නිල ප්‍රකාශ සහ නියෝග: බදුල්ල ප්‍රාදේශීය සභාව.
”
J. M. පාලිත අතුලසිරි ජයවර්ධන
සභාපති
බදුල්ල ප්‍රාදේශීය සභාව
ගරු සභාපති තුමාගේ පණිවිඩය
ලක්දිව සුපතළ ඌව වෙල්ලස්සේ අග නගරය ලෙස ස්වභාව සෞන්දර්යෙන් අනුන වූ බදුලු පුරවරයේ බදුල්ල ප්‍රාදේශීය සභාව වන අප රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුළ පළාත් පාලන ආයතනයක් ලෙස ජනතාවගේ සුභ සාධනය සහ සුඛ විහරණය පිණිස මහජන සෞඛ්‍ය, මංමාවත්, පොදු උපයෝගී සේවා මැනවින් වටහා ගෙන ඇති අතර එම සියළු පහසුකම් ආරක්ෂා කර දීම, විධිමත් කිරීම, පාලනය හා පරිපාලනය කිරීම මඟින් වඩා යහපත් වූත් සමාජ ප්‍රගමනයක් උදෙසා සොඳුරු භෞතික වටපිටාවක් තුල නිර්මාණශීලී නිවැරදි කළමණාකාරීත්වයකින් යුතුව සුහදශීලී හා ප්‍රශස්ත මට්ටමේ සේවාවන් සැපයීමට මා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයත්, කාර්යය මණ්ඩලයත් නිරතුරුව කැපවී සිටින්නෙමු.
පසුගිය යුගය තුළ අප මුහුණ දුන් සහ වර්තමානයේදීද අප මුහුණ දී සිටින Covid – 19 ඇතුළු සෞඛ්‍ය ගැටළු ද නායයෑම් ,ගංවතුර ඇතුළු ස්වභාවික ආපදා තත්ත්වයන්ද ආදී නොයෙකුත් අභියෝග ජය ගැනීමට මා වෙත දිරිදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි.
බාධක මඟින් ලැබූ පන්නරය ආශිර්වාදයක් කොට ගෙන ඉදිරි අභියෝගයන්ද ජය ගනිමින් නව ආදායම් මාර්ග ඇති කිරීමට හා එමගින් කෝරළයේ ජනතාවට වඩාත් ඵලදායී සේවාවක් සැපයීමට කටයුතු කරන්නෙමි.
2021 වර්ෂයේ අපගේ ඉලක්ක කරා ලඟා වීමට හැකි වීම ගැන සතුටු වන අතර ප්‍රදේශයෙන් ලබා ගන්නා ආදායම් ඒකරාශී කොට මූල්‍යමය ශක්තිමත්භාවය තුලින් සංවර්ධන ක්‍රියාවන් ශක්තිමත් කර එමඟින් ජන ජීවිතය නඟා සිටුවීමට ත් යහපත් පරිපාලනයක් මඟින් විනිවිදභාවයකින් යුතුව සේවාවන් සැපයීමටත් මා ඇතුළු මන්ත්‍රී මඩුල්ලත්, සමස්ථ කාර්ය මණ්ඩලයත් ඇප කැප වී කටයුතු කරන බවට සහතික වෙමි.
2022 වර්ෂයේදී අපේක්ෂා කරන අරමුණු සහ ඉලක්ක සාක්ශාත් කර ගැනීම උදෙසා පෙරටත් වඩා සවිමත්ව ගිරිහෙල් අතරින් ඉන්ද්‍රකීලයක් සේ නොසැලී මා යන ගමනේදී මා හට නිරන්තරයෙන් ශක්තිය ධෛර්ය ලබා දෙන මාගේ ගරු උප සභාපති ආර්.එම් විජිත රත්නායක මහතා, ගරු විපක්ෂ නායක ශාන්ත ප්‍රදීප් කුමාර ලියනගේ මහතා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයත්, සභා ලේකම්තුමිය ඇතුළු සමස්ථ කාර්යය මණ්ඩලයත්, බදුල්ල පළාත් ගරු ආණ්ඩුකාරතුමා , බදුල්ල පළාත් පාලන කොමසාරිස්තුමා ,පළාත් පාලන අමාත්‍යංශ ලේකම්තුමා, ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමා ඇතුළු සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් සහ අප සමඟ සම්බන්ධවන අනෙකුත් සියලුම ආයතනවල කාර්ය මණ්ඩලත් කෘතවේදීව සිහිපත් කරන්නෙමි.
ස්තූතියි.
ජේ.එම්.පාලිත අතුලසිරි ජයවර්ධන,
සභාපති,

D. M. S. N. වික්‍රමසිංහ
ලේකම්
බදුල්ල ප්‍රාදේශීය සභාව
ලේකම්වරයාගේ පණිවිඩය
ඌව පළාතේ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ 1987 අංක 15 දරන පනත යටතේ පිහිටුවන ලද පළාත් පරිපාලන ආයතනයක් වන බදුල්ල ප්‍රාදේශීය සභාව, තම බල ප්‍රදේශය තුළ ජනතාවගේ යටිතල පහසුකම් සහ පොදු සේවාවන් වැඩිදියුණු කිරීමට කැපවී සිටී. රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන සහ දේශපාලන අධිකාරීන් සමඟ සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය අරමුදල් සපයා ගනිමින් මහජනතාවට බරක් නොවන අයුරින් ආදායම් උත්පාදන මාර්ග විවෘත කිරීම අපගේ මූලික අරමුණයි.
අපගේ කාර්ය මණ්ඩලය අභිප්‍රේරණය කිරීම, ඉහළ නිපුණතා සහ කාර්යක්‍ෂම ශ්‍රම බලකායක් සංවර්ධනය කිරීම සහ ඔවුන්ගේ ප්‍රවීණත්වය තෘප්තිමත් සේවා පරිසරයක් සහතික කිරීම සඳහා යොදා ගැනීම කෙරෙහි අපි අවධානය යොමු කරමු. ඔවුන්ගේ කැපවූ සේවාව හරහා, අපගේ කලාපයේ ජනතාවගේ සමාජ, ආර්ථික, සංස්කෘතික, පාරිසරික සහ පෞද්ගලික ජීවිත වැඩිදියුණු කිරීම සඳහා ඉහළම මට්ටමේ සහයෝගය ලබා දීම අපගේ අරමුණයි.
මෙම ප්‍රයත්නයන් තුළින් බදුල්ල ප්‍රාදේශීය සභාව පළාත් පාලනයේ විශිෂ්ටත්වය සඳහා මිණුම් ලකුණක් තබමින් ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම පළාත් පාලන ආයතනයක් ලෙස පිළිගැනීමට අපේක්ෂා කරයි.
ඔයාට ස්තූතියි.

තේරී පත් වූ සභාව
සභිකයන්
ප්‍රජාව සඳහා සේවය කරන තේරී පත් වූ මහජන නියෝජිතයින්: බදුල්ල ප්‍රාදේශීය සභාව.
ගරු මන්ත්‍රී
National People’s Power (NPP)
D. A. K. සුමනතිලක
ගරු සභා මන්ත්‍රී
ගරු මන්ත්‍රී
National People’s Power (NPP)
ඩී.එම්. මෛත්‍රීපාල
ගරු සභා මන්ත්‍රී
ගරු මන්ත්‍රී
National People’s Power (NPP)
තියාගන් පුවනේෂ්වරන්
ගරු සභා මන්ත්‍රී
ගරු මන්ත්‍රී
National People’s Power (NPP)
S. P. මධුෂා සඳමාල්
ගරු සභා මන්ත්‍රී
ගරු මන්ත්‍රී
National People’s Power (NPP)
ආර් එම් රංජනී සුමලතා
ගරු සභා මන්ත්‍රී
ගරු මන්ත්‍රී
National People’s Power (NPP)
ආර්. එම්. අරුණ පුෂ්පකුමාර
ගරු සභා මන්ත්‍රී
ගරු මන්ත්‍රී
National People’s Power (NPP)
රවිචන්ද්‍රන් කවිප්‍රිය
ගරු සභා මන්ත්‍රී
ගරු මන්ත්‍රී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP)
G. H. S. S. ගුණරත්න ද සිල්වා
ගරු සභා මන්ත්‍රී
ගරු මන්ත්‍රී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP)
ෂන්මුගම් සුප්පයියා
ගරු සභා මන්ත්‍රී
නායකත්ව උරුමය
හිටපු සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන්
වසර ගණනාවක් පුරා අපගේ සභාව හැඩගස්වා ඇති නායකත්වයේ ඉතිහාසය.
Mr. D.M.abcd
1988 - 1997
Mr. D.B. Abcd
1997 - 2006